මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප ක්‍රීඩා 2026

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප ක්‍රීඩා සමාප්ති වැඩසටහන මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජ පෙරේරා මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් මීරිගම ඩි.එස්.සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී 2026.07.09 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මෙහිදි සමස්ත ශූරතාවය මෙවරත් මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසය විසින් දිනා ගනු ලැබූ අතර සමස්ත අනුශූරතාවය දිවුලපිටිය අධ්‍යාපන කොට්ඨාසයට හිමි විය. සමස්ත පාසල් ශූරතාව හිමිවූයේ මිනු/සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයටයි. මෙම අවස්ථාව සඳහා මිනුවන්ගොඩ කලාපයේ අධ්‍යක්ෂ මහත්ම මහත්මීන් සහ විදුහල්පති මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

Previous Article
Next Article

Comments (0)

Your email address will not be published. Required fields are marked *