සැලසුම් අංශය

දැක්ම
ගුණාත්මක අධ්‍යාපනයට ධනාත්මක සැලසුමක්
මෙහෙවර
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුණාත්මක අධ්‍යාපනයක් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කරවිම උදෙසා ධනාත්මක වූූූත් නිර් මාණාත්මක වූත් සැලසුම් සකස්කිරීම
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)

එන්.එල්.සී.පී.ඉන්දික මයා.
(ශ්‍රී ලං.අ.ප.සේ.1)
දුරකථන අංකය : 071 4441599


කාර්ය මණ්ඩලය

ඩී.පී.ටී. නිමේෂා ඩයස් මිය
සංවර්ධන නිලධාරී
විෂය අංකය – බප/මිනු/සැල 01 – ඒකක ප්‍රධානි

එල්.එච්.පී.සී. හෙට්ටිආරච්චි මිය
කළමනාකරණ සේවා නිලධාරි
විෂය අංකය – බප/මිනු/සැල 02
0718458442

බී.එම්.යූ.ආර්. කපිලරත්න මහතා
සංවර්ධන නිලධාරී
විෂය අංකය – බප/මිනු/සැල 03

ඒ.එම්.පී.එන්.වී. ඩයස් මිය
සංවර්ධන නිලධාරී
විෂය අංකය – බප/මිනු/සැල 04

බී.ඒ.ඒ.ටී. බස්නායක මිය.
කළමනාකරණ සේවා නිලධාරි
විෂය අංකය – බප/මිනු/සැල 05

එච්.එම්.ඒ. සුභාෂිණී මිය
සංවර්ධන නිලධාරී
විෂය අංකය – බප/මිනු/සැල 06

එම්.බි.එස්.එන්.මධුපානි
සංවර්ධන නිලධාරී
විෂය අංකය – බප/මිනු/සැල 07
කාර්ය මණ්ඩලය මගින් ඉටුකෙරෙන රාජකාරි
| නිලධාරියාගේ නම , තනතුර සහ දුරකථන අංකය | ඉටු කරන රාජකාරී |
| ඩී.පී.ටී. නිමේෂා ඩයස් මිය සංවර්ධන නිලධාරී විෂය අංකය – බප/මිනු/සැල 01 – ඒකක ප්‍රධානි | 1. ඒකක ප්‍රධානි ලෙස කටයුතු කරමින් සැලසුම් අංශයේ සියළු කටයුතු සම්බන්ධීකරණය කිරීම. 2. අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රරවේශ රාමුව හා වැඩසටහන්වලට අදාළව (SESIP, GEMP, CF) කලාපයේ වාර්ෂික හා පස් අවුරුදු සැලැස්ම සැකසීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම. 3. වාර්ෂික සැලැස්මට අදාලව සැලසුම් අංශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. 4. SESIP ව්‍යාපෘතියට අදාලව පාසල් පාදක ප්‍රදානයන්ට අදාල ව්‍යාපෘති අනුමැතියට යොමු කිරීම හා ප්‍රගතිය නියාමනය. 5. ගුණාත්මක යෙදවුම් මුදල් පාසල් අතර බෙදා හැරීම සහ භාවිතය සදහා උපදෙස් සැපයීම. 6. ගුණාත්මක යෙදවුම් කාර්තු ප්‍රගතිය කොට්ඨාස කාර්යාල හරහා ලබා ගෙන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම. 7. සැලසුම් අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක්කිරීම. 8. සැලසුම් අංශයට අදාළ බඩු වට්ටෝරු පොත සහ තොග පොත පවත්වා ගෙන යාම. |
| එල්.එච්.පී.සී. හෙට්ටිආරච්චි මිය කළමනාකරණ සේවා නිලධාරි විෂය අංකය – බප/මිනු/සැල 02 | 1. කලාපයේ වාර්ෂික ප්‍රාග්ධන හා පුනරාවර්තන සැලසුම් සැකසීම හා නියාමනය. 2. පාසල්වල ඉදිකිරීම් හා කඩා ඉවත්කිරීම් සම්බන්ධ කටයුතු 3. ඉදිකිරීම් හා සැපයීම් ප්‍රගතිය සැල 07 වෙතින් ලබාගෙන බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ PMS දත්ත පද්ධතියට ඇතුළත් කිරීම 4. පාසල්වල ඉදිකිරීම් හා අලුත්වැඩියා ඉල්ලීම් සඳහා ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයෙන් ඇස්තමේන්තු ලබා ගැනීමට කටයුතු කිරීම හා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම 5. ජලය, විදුලිය, සනීපාරක්ෂාව ඇතුළු පාසල්වල මූලික පහසුකම් සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ කටයුතු. 6. පාසල්වල ක්‍රියාත්මකවන විශේෂ ව්‍යාපෘතිවලට අදාළ කටයුතු. (NSBS, මහින්දෝදය විද්‍යාගාර වැනි) 7. පාසල්වල බාහිර පාර්ශවීය ඉදිකිරීම් පිළිබඳ කටයුතු 8. මන්ත්‍රි ව්‍යුහ කමිටු රැස්වීම් සම්බන්ධීකරණය හා වාර්තාකරණය. |
| බී.එම්.යූ.ආර්. කපිලරත්න මහතා සංවර්ධන නිලධාරී විෂය අංකය – බප/මිනු/සැල 03 | 1. කළමනාකරණ හා ප්‍රගතිය සමාලෝචන රැස්වීම සම්බන්ධීකරණය හා වාර්තාකරණය. 2. විදුහල්පති රැස්වීම සංවිධානය, උපදෙස් පත්‍රිකා සකස් කිරීම, වවුචර් ඉදිරිපත් කිරීම හා අදාළ අනෙකුත් කටයුතු . 3. කලාප ප්‍රමිති ගත කිරීමේ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම හා ලිපිගොණු පවත්වාගෙන යාම. 4. පාසල්වල ව්‍යුහ කටයුතු සම්බන්ධව යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු. 5. වසා දමන ලද පාසල් පිළිබඳ තොරතුරු පවත්වා ගෙන යාම. 6. කාලීනව ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘති (උදා: Clean Sri Lanka …….ආදී) කටයුතු සම්බන්ධීකරණය 7. විද්‍යුත් තැපෑල හා කාර්යාලයීය තැපෑල දෛනිකව පරීක්ෂා කර බලා අදාළ පාර්ශව වෙත යොමු කිරීම. 8. කලාප ව්‍යුහ කමිටු, කළමනාකරණ හා සැලසුම් කමිටු රැස්වීම් සම්බන්ධීකරණය හා වාර්තාකරණය. 9. ඵලදායිතා කවයේ සැලසුම් අංශයේ ලේකම් ලෙස කටයුතු කිරීම |
| ඒ.එම්.පී.එන්.වී. ඩයස් මිය සංවර්ධන නිලධාරී විෂය අංකය – බප/මිනු/සැල 04 | 1. පාසල්වල වාර්ෂික අයවැය ඇස්තමේන්තු අනුමත කිරීම සම්බන්ධ කටයුතු. 2. පාසල්වල වියාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා අයවැය ඇස්තමේන්තුවේ අනුමත ව්‍යාපෘති බවට තහවුරුවක් ලබා දීම. 3. 54/2023 චක්‍රලේඛයට අදාලව පාසල් කමිටු පරීක්ෂා කිරීම, අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම. 4. පාසල් නගා සිටුවීමේ වැඩසටහනට (EPSI) අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම. 5. පාසල් සංවර්ධන සමිතියට අදාළ අත්සන් කාඩ්පත් සහතික කිරිම. 6. පාසල් සංවර්ධන සමිති සහ පරිත්‍යාග ලදුපත් සම්බන්ධ කටයුතු. 7. සිව්මස් ගිණුම් වාර්තා පාසල්වලින් ගෙන්වා ගෙන ගොනු ගතකර තබා ගැනීම. 8. උපදේශක කාරක සභා ප්‍රශ්න අදාළ පාර්ශව වෙත ඉදිරිපත් කර පිළිතුරු සැපයීම. 9. විගණන විමසුම් සඳහා අදාළ පාර්ශව වෙතින් පිළිතුරු ලබාගෙන ඉදිරිපත් කිරීම. |
| බී.ඒ.ඒ.ටී. බස්නායක මිය. කළමනාකරණ සේවා නිලධාරි විෂය අංකය – බප/මිනු/සැල 05 | 1. පාසල්වල වාර්ෂික සහ පස් අවුරුදු සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම සම්බන්ධ කටයුතු. 2. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කාර්ය මණ්ඩල වාර්තා හා ගුරු තොරතුරු යාවත්කාලීන කිරීම, මාසික වෙනස්වීම් වාර්තා සකස් කිරීම, හා කාර්තු කාර්ය මණ්ඩල ප්‍රගති වාර්තා සකස්කර ඉදිරිපත් කිරීම. 3. විදුහල්පති තොරතුරු, අනධ්‍යන කාර්ය මණ්ඩල තොරතුරු, ශ්‍රී ලං.අ.ප.සේ. නිලධාරී 4. තොරතුරු හා වෙනත් තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වා ගැනීම. 5. 06/2021 චක්‍ර ලේඛයට අනුව ගුරු අවශයතා ගණනයට අදාල කටයුතු. 6. අනධ්‍යන කාර්යමණ්ඩල අවශයතා ගණනය කිරීම. 7. ඵලදායිතා කවයේ සැලසුම් අංශයේ කව නායක ලෙස කටයුතු කිරීම. |
| එච්.එම්.ඒ. සුභාෂිණී මිය සංවර්ධන නිලධාරී විෂය අංකය – බප/මිනු/සැල 06 | 1. කලාප දත්ත නිලධාරී ලෙස කටයුතු කිරීම. 2. ජාතික විභාග ප්‍රතිඵල විශ්ලේෂණ සකස් කිරීම හා වාර්තාකරණය 3. වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳ නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරීම. 4. පිරිවෙන්වලට අදාළ තොරතුරු හා වෙනස්වීම් සම්බන්ධ වාර්තා පවත්වාගෙන යාම. 5. විදුහල්පති ධාරිතා සංවර්ධනය සඳහා කටයුතු කිරීම. 6. විදුහල්පතිවරුන් සඳහා පාසල් නායකත්ව හා කළමනාකාරීත්වය සඳහා ජාතික නිපුණතා රාමුව (NCF/SLM) වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතු 7. 13 වසරක සහතික කරන ලද නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට අදාළ කටයුතු. 8.සැලසුම් අංශයේ කාර්යයන්වලදී සහ රැස්වීම් සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම 9. ප්‍රාථමික පාසල් සංවර්ධන වියාපෘතියට අදාළ කටයුතු. |
| එම්.බි.එස්.එන්.මධුපානි සංවර්ධන නිලධාරී විෂය අංකය – බප/මිනු/සැල 07 | 1. කලාප අධ්‍යාපන කාර්යාලයේ වාර්ෂික හා මධ්‍යකාලීන සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම. 2. පළාත් සභා ව්‍යාපෘති, උපමාන පාදක ව්‍යාපෘති, විමධ්‍යගත ව්‍යාපෘති සම්බන්ධ කටයුතු හා ප්‍රගතිය නියාමනය. 3. අනුමත ව්‍යාපෘති වලට අදාළ ඇස්තමේන්තු ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයෙන් ලබා ගැනීමට කටයුතු කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය නියාමනය. 4. ව්‍යාපෘති සම්බන්ධ ලිපිගොනු යාවත්කාලීනව පවත්වා ගෙන යාම. 5. ඉදිකිරීම් හා සැපයීම් ප්‍රගතිය සැකසීම සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ PMS දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සඳහා සැල 02 වෙත අදාළ තොරතුරු ලබා දීම. 6. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා අවශ්‍ය වාර්තා සැකසීම. |

