කලාප අධ්යක්ෂතුමන්ගේ පණිවිඩය!
අධ්‍යාපනය යනු රටක ඉදිරි පැවැත්ම තීරණය කෙරෙන ප්‍රධානතම සාධකයයි. දැනුම, ආකල්ප, කුසලතාවන්ගෙන් සන්නද්ධ වූ, සීඝ්රයෙන් ප්‍රසාරණය වෙමින් පවතින විශ්ව දැනුමෙන් හා නිපුණතාවන්ගෙන් සුපෝෂිත දරු පරපුරක් රටට දායාද කිරීම අප සැමගේ වගකීම වන්නේය. ඒ අනුව මිනුවන්ගොඩඅධ්යාපන කලාපයේ පාසල් දරු දැරියන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සියලු දෙනා උදෙසා www.minuedu.lk නමින් ආරම්භ කරන ලද මෙම නිල වෙබ් අඩවිය හරහා ඔබ වෙත පිරිනැමෙන සේවාවන් කලාපීය ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත. විශේෂයෙන් ම දුරස්ථ ඉගෙනුම් අවස්ථා දරු දැරියන් වෙත උදා කරදීමේ අභිලාෂයෙන් නිර්මාණය වූ ඉගෙනුම් කළමනාරණ පද්ධතිය සහ YouTube චැනලය මනා අවබෝධයෙන් යුතුව පරිශීලනය කිරීම අගය කොට සලකමි. එමෙන්ම කොව්ඩ් 19 වසංගත තත්ත්වය යටතේ වුව ද අපගේ සේවාලාභීන් උදෙසා කාර්යාලයීය සේවාවන් අඛණ්ඩව සැපයීම වෙනුවෙන් ම ඉදිරිපත් කර ඇති කාර්යාලයීය අංශවල අන්තර්ගත සහ ක්‍රියාකාරීත්වයත්, ඔබේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සැකසී ඇති සංවාද මණ්ඩපයත්, පාසල්වල පවත්නා විශිෂ්ඨ ව්‍යවහාර හා ගුරු සිසු සුවිශේෂී දක්ෂතා සහ ජයග්‍රහණ ප්‍රදර්ශනය සඳහා වෙන්ව ඇති පුවත් විශේෂාංග තීරයත්, උක්ත අරමුණු වෙනුවෙන් සඵලදායීව යොදා ගනු ඇතැයි අපේක්ෂා කරමි. මෙම වෙබ් අඩවිය නිර්මාණය හා යාවත්කාලීන කරමින් ඉදිරියට පවත්වා ගැනීමෙහිලා දායක වන කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ කාර්ය මණ්ඩලය මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරමි. – ඒ.වජිර රණරාජ පෙරේරා මයා (ශ්‍රී ලං.අ.ප.සේ.1)