මීරිගම කොට්ඨාසය

R.D.H.මෙන්ඩිස්,
කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ,
0701734085/0772069770
deomirigama@gmail.com

දැක්ම

සෞභාග්‍යවත් සාමකාමී දේශයක් උදෙසා  අධ්‍යාපන,සෞඛ්‍යය,සෞන්දර්යය හා ශිල්පීය කුසලතා වලින් හෙබි දරු පරපුරක් පාසල් තුළින් බිහි කිරීම.

මෙහෙවර

පාසල් තුළ පිහිටුවා ඇති මානව හා භෞතික සම්පත් වල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා වෘත්තීය සංවර්ධනය, කළමනාකරණය, අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ තිරසාර පැවැත්මක් සහිත නැණ,ගුණ,බල සපිරි පුරවැසියන් ගොඩනැගීමට අවශ්‍ය යටිතල පහසුකම් හා උපදේශනය සැපයීම.

       කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පනිවිඩය

මිනුවන්ගොඩ කලාපය තුළ ඇති අධ්‍යාපන කොට්ඨාස අතරින් සුවිශේෂී අධ්‍යාපන කොට්ඨාසයක්  ලෙස මීරිගම අධ්‍යාපන කොට්ඨාසය මම දකිමි. පාසල් 52 ක් සහිත මෙම කොට්ඨාසය විවිධත්ත්වයක් සහිත පාසල් වලින් යුක්ත අධ්‍යාපන කොට්ඨාසයකි. විවිධ ආර්ථික , සමාජ,දේශපාලන හා ආගමික පරිසරයන් සහිත පාසල් පද්ධතියක් මෙම කොට්ඨාසයට හිමිය.මෙම කොට්ඨාස යේ පාසල් විශාල වපසරියක් තුළ විසිරී ඇත. ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක් යන කලාප දැක්ම අනුව කොට්ඨාසයේ සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් ඵලදායීව පාසල් පද්ධතියට යොදවමින් ප්‍රශස්ත මට්ටමේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් මෙම කොට්ඨාසය තුළට උදා කරවීම මගේත් ගුරු උපදේශක වරුන් ඇතුළු අප කාර්ය මණ්ඩලයේ ඒකායන අරමුණ වේ.ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, කළමනාකරණය, අධීක්ෂණය හා මඟ පෙන්වීම අපගේ ප්‍රධාන කාර්යභාරය වේ.

අපගෙන් ඉටුවන සේවා

  • අධ්‍යාපන සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම්  සහ සහය සැපයීම.
  • කොට්ඨාස අධීක්ෂණ මඟින් විදුහල්පතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහය සැපයීම.
  • විදුහල්පතිවරු සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය වෘත්තීය සංවර්ධන අවස්ථා සැලසීම.
  • විදුහල්පති/කාර්ය මණ්ඩල කාර්යාලයීය කටයුතු.
  • නිල ඇඳුම්/පෙළපොත් බෙදාහැරීම.
  • භාණ්ඩ සමීක්ෂණ පසු  කටයුතු.
  • වැටුප් හා සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය.
  • විභාග කටයුතු සම්බන්ධීකරණය.

කාර්යය මණ්ඩලය

ජී.එස්.ඩී.ආර්.ඩී. නිරෝධනි මිය සංවර්ධන නිලධාරි

ඊ.ඒ.එස්.ටී. එදිරිසිංහ සංවර්ධන නිලධාරි

කේ.වී.එස් කුලසිංහ සංවර්ධන නිලධාරි

කාර්ය මණ්ඩලය මගින් ඉටුකෙරෙන රාජකාරි

නිලධාරියාගේ නම , තනතුර සහ දුරකථන අංකයඉටු කරන රාජකාරිය
ජී.එස්.ඩී.ආර්.ඩී. නිරෝධනි
(සංවර්ධන නිලධාරි)
1. විදුහල්පතිවරුන්ගේ සහ ගුරු භවතුන්ගේ වැටුප් වර්ධක සම්බන්ධ කටයුතු
2. දෛනික තැපැල් කටයුතු
3. සියලුම පාසල්වල විදුලි සහ දුරකථන බිල් ප්‍රතිපූර්ණයට ඉදිරිපත් කිරීම
4. කාර්ය මණ්ඩල නිවාඩු ලේඛන පවත්වා ගැනීම.
 
ඊ.ඒ.එස්.ටී. එදිරිසිංහ
(සංවර්ධන නිලධාරි)
1. කොට්ඨාස දත්ත නිලධාරි කටයුතු
2. ගුරුඋපදේශක වරුන්ගේ සියලුම කටයුතු
3. සියලුම විභාගවල ප්‍රතිඵල විෂ්ලේශනය
4. සියලුම පාසල්වලට අදාල බෙදාදීම කටයුතු
කේ.වී.එස් කුලසිංහ
(සංවර්ධන නිලධාරි)
1. අග්‍රහාර සහ ආපදා ණය අයදුම්පත් පරීක්ෂා කර කලාප කාර්යාලයට ඉදිරිපත් කිරීම.
2. සියලුම භාණ්ඩ සමීක්ෂණ කටයුතු
3. පාසල් පහසුකම් හා සේවා ගාස්තු ගිණුම් අයවැය සහ සිවුමස් ගිණුම් පරීක්ෂාව
4. වර්ෂ අවසාන වාර විභාග සම්බන්ධීකරණය
 

පාසල් නාම ලේඛනය (කට්ටල අනුව )

Extracted-pages-from-පාසල්-21

Extracted-pages-from-පාසල්-22